August 10, 2022

ජනපතිගේ සහයටත් උද්ඝෝෂණයක් - තංගල්ලේ පිරිසකුත් රැස්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහය පළ කරමින් අද (10) තංගල්ල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

තංගල්ල – තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ සිට තංගල්ල නගරයට පාගමනින් පැමිණි පිරිස තංගල්ල – මහවෙල මාර්ගයේ පිහිටි අගමැතිවරයාට අයත් කාල්ටන් නිවෙස දක්වා ගමන් කළ බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල නගරයෙන් රථවාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් අවහිර වූ බවද සඳහන් වෙනවා.

Rate this item
(2 votes)

Related items