April 25, 2024

සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි

ලබන සෙනසුරාදා සහ ඉරිදා (9, 10) දිනවල විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සෙනසුරාදා දිනයේ පැය දෙකක කාලයක් සහ ඉරිදා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

සෙනසුරාදා දිනයේ A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාපවලට සවස 3ත් රාත්‍රී 9ත් අතර කාලසීමාව තුල පැය දෙකක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

P, Q, R, S, T, U, V, W යන කලාපවලට පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුවන්නේ පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා අතර කාලය තුලදීයි.

CC1 කලාපය සඳහා සෙනසුරාදා දිනයේදී පැය තුන හමාරක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර ඒ උදෑසන 6 සිට පෙරවරු 9,30 දක්වායි.

අප්‍රේල් 10 වන ඉරිදා A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාපවලට උදෑසන 6 සිට පෙරවරු 10 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා. 

CC1කලාපය සඳහා පැය තුන හමාරක කාලයක් විදුලි සැපයුම අත්හිටවනු ලබන්නේ උදෑසන 6 සිට 9.30දක්වායි.

Rate this item
(2 votes)