April 18, 2024

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙක් පත්කරන්න

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු කඩිනමින් පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම රජයට දැනුම් දී තිබෙනවා.

ඒ පිළිබඳ රජයට ලිඛිතව දැනුම්දී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

විදුලිබල හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර අර්බුදකාරී තත්ත්වයක පවතින බැවින් වහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු පත්කළ යුතු බවයි මහජන උපයෝගීතා කොමිසම කියා සිටියේ.

මීට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස ගාමිණී ලොකුගේ කටයුතු කළ අතර පෙරේදා ඔවුන් සිය ධූරවලින් ඉල්ලා අස්වුණා.

පසුව නව අමාත්‍ය ධූර කිහිපයක් තාවකාලිකව පත් කෙරුණද මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු අමාත්‍යවරයෙකු මේ දක්වා පත් කර නැහැ.

Rate this item
(1 Vote)