April 20, 2024

ලොකුගේගේ නිවස අසල යුද පිටියක් - විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගහයි

හිටපු අමාත්‍ය ගාමීණී ලොකුගේගේ පිළියන්දල පිහිටි නිවස අසල මේ වන විට කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මේ වන විට සිය ගණනක් වූ ජනතාව ඒ අවට රැස් වී විරෝධතා දක්වන අතර තත්ත්වය පාලනය කිරීමට කැස්බෑව පොලිසියෙන්ද අමතර බට පිරිස් යොදවා තිබෙනවා.

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද ගල් පහරක් වැදී රෝහල් ගත කර තිබෙන බවද වාර්තා වෙනවා.

හිටපු අමැතිවරයාගේ නිවසට අරගලකරුවන් ඇතුළු වීමට උත්සහා දරමින් සිටින අතර නිවස අසල මහා ගින්නක්ද මේ වන විට පැතිර යමින් තිබෙනවා.

Rate this item
(3 votes)