March 29, 2024

බැසිල් ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙන්න යයි!

බැසිල් රාජපක්ෂට මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය නියෝජිතයින් දෙදෙනෙකු මගින් දැනුම් දී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පැවසුවා.

බැසිල් රාජපක්ෂ මහතා වෙත ගොස් ඒ බව දැනුම් දී ඇත්තේ ශමීන්ද්‍ර රාජපක්ෂ සහ මාලක චන්ද්‍රදාස විසින් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තමන් මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් නොවන බවයි.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්නොවන බැවින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බවට අදාළ ලිපිය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

එය ජනාධිපතිවරයා වෙත අද දිනයේදී භාරදීමටයි අග්‍රාමාත්‍යවරයා සූදානම්ව සිට ඇත්තේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත්තේ මුදල් අමාත්‍ යධූරයෙන් ඉල්ලා අස්වීමටයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 03 April 2022 23:11