April 25, 2024

හෙට විදුලි කප්පාදුව සිදු වෙන වෙලාව මෙන්න

හෙට (04) දිනයේදී පැය 05 ක් බැගින් විදුලිය කපාහැරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව A -L දක්වා කලාප 12 කට සහ P සිටW දක්වා කලාප 08 කට පෙරවරු 10 සිට පස්වරු 05 දක්වා පැය 03 හමාරක් බැගින්ද , පස්වරු 06 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 30ජක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.

CC 1 කලාපය සඳහා පෙරවරු 06 සිට පෙරවරු 10 දක්වා පැය 04 ක් විදුලිය කපා හැරෙනු ඇති.

මේ අතර  හෙට (4) දිනයේදී පැය 7ක විදුලි කප්පාදුවකට ලංකා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණ ද ඒ සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබුණේ නැහැ.

නිසි ක්‍රියාමාර්ග ගැනීම මගින් විදුලි කප්පාදුව පැය 2කින් අඩු කල හැකි බැවින් එම අවසරය ලබා නොදුන් බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියා සිටියේ .

හෙට (04) දින විදුලි කප්පාදුව පැය 2කින් අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව , ලංකා විදුලි බල මණ්ඩලයට පහත සඳහන් නිර්දේශ ක්‍රියාවට නංවන ලෙස නියම කර තිබෙනවා.

1. කැළණිතිස්ස බලාගාරය පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම.

2. දැනට උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන සොජිට්ස් බලාගාරයේ ඉතිරි මෙගා වොට් 33ක ධාරිතාවයද ජනනය සඳහා එක් කිරීම

3. දැනට මෙගා වොට් 20ක් අඩුවෙන් ක්‍රියාත්මක වෙස්ට් කෝස්ට් බලාගාරය උපරිම ධාරිතාවයෙන් ජනනය සඳහා යොදා ගැනීම

4. මතුගම, තුල්හිරිය හා කොලොන්නාව බලාගාර ක්‍රියාත්මක කර මෙගා වොට් 20ක ධාරිතාවයක විදුලිය ජාතික පද්ධතියට එක් කිරීම

5. අක්‍රිය පුද්ගලික විදුලි බලාගාරයක් වන ඒ්ෂීයා පවර් බලාගාරයේ රැස් කර ඇති දැවිතෙල් තොගය ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද A සහ B බලාගාර වලට ලබාදීම

ඉහත සඳහන් නිර්දේශ වහා ක්‍රියාත්මක කර හෙට දින විදුලි කප්පාදුව පැය 5කට අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට නිර්දේශ කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 April 2022 22:17