April 23, 2024

සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසීමට බාධා

මෙරට තුළ සමාජ මාධ්‍ය ජාලා වලට පිවිසීමට අවහිරතා මතුව තිබෙනවා.

ඒ අනුව ෆේස්බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාල වෙත ප්‍රවේශවිම මෙන්ම පණිවිඩ යොමු කිරීමට ද මේවනවිට හැකියාවක් නැහැ.

ආරක්ෂක අමාත්‍යංශය කළ ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙලෙස සමාජ මාධ්‍ය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යු ටියුබ් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක ක්‍රියාකාරිත්වයට මෙම තාවකාලික අත්හිටුවා තිබෙනවා.

මේ අතර මෙරට ජංගම දුරකථන සේවා සපයන සමාගම්වල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හරහා ද සමාජ මාධ්‍ය අත්හිටුවීම සම්බන්ධයෙන් හඩපටයක් ඇතුළත් කර තිබෙනවා.

Rate this item
(0 votes)