April 20, 2024

ශ්‍රීලනීපය තැනේ හැටියට ඇනේ ගහයි: ආණ්ඩුවේ ඉන්න කොන්දේසියක් දමයි

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණයක් ගෙන තිබෙනවා.

ඒ තමන් ආණ්ඩුවට ඉදිරිපත් කරන කොන්දේසියට ආණ්ඩුව එකඟ නොවෙන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමටයි.

ශ්‍රීලනිප යෝජනාව

ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවට ඉදිරිපත් කරන යෝජනාව වන්නේ පවතින ආර්ථික ප්‍රශ්නයට විසඳුම් සඳහා වහාම තාවකාලික භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමටයි.

ඒ සඳහා ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවේද අනුමැතිය ලැබී තිබෙනවා.

එම භාරකාර ආණ්ඩුව කඩිනමින් පිහිටවිය යුතු බව පෙන්වා දෙන ශ්‍රීලනිපය එසේ නොවන්නේ නම් දැනට දරන ඇමති ධුරවලින් ඉවත් වන බවත් සඳහන් කරනවා

පක්ෂ 11 කණ්ඩායම

විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් නායකත්වය දෙන ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 11 යෝජනා කරන්නෙත් ඊට සමාන එකක්.

එම කණ්ඩායම යෝජනා කරන්නේ වහාම මණ්ඩලය විසුරුවා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලින් සමන්විත අන්තර් පාලනයක් පිහිටුවන ලෙසටයි.

ශ්‍රී.ල.නි.පයද එම කණ්ඩායමේ සාමාජිකයෙක්.

Rate this item
(2 votes)
Last modified on Saturday, 02 April 2022 14:05