April 19, 2024

හෙට විදුලි කප්පාදුව පැය අට හමාරක්

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (02) ප්‍රදේශ රැසකට පැය 8යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (01) පස්වරුවේ පැවසුවා.

‘A’ සිට ‘S’ කලාප 20ට හෙට (02) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රීය දක්වා පැය හතරක උපරිමකට යටත්ව අවස්ථා තුනකදී පැය 8 යි විනාඩි 30 ක් විදුලි විසන්ධි කිරීමට නියමිත බව ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.

M, N, O , X ,Y සහ Z යන කලාප හයට අළුයම 5.30 සිට පෙරවරු 9.00 දක්වා පැය 3 යි විනාඩි 30 ද, C යන නව කලාපයට පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(4 votes)