March 28, 2024

අලෙවි නියෝජිතයන්ටත් හොරෙන් සේවකයින් ගෑස් ජාවාරමක (PHOTOS)

බණ්ඩාරවෙල නගර මධ්‍යයේ ගෑස් අලෙවි කරන වෙළදසැලක ගෑස් සගවා ඇති බවට ලද තොතුරක් ඔස්සේ කරන ලද වැටලීමකදී වෙලදසැල් සේවකයෙක් අත්අඩංගුවට ගත් බව බදුල්ල දිස්ත්‍රික් පාර්භෝගික කටයුතු පිළිබද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශණ නිළධාරී ශාන් යාපාරත්න මහතා සදහන් කළා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 50ක් වන බණ්ඩාරවෙල පදිංචි පුද්ගලයෙක්.

ඊයේ (29) දින මෙම වැටලීම සිදු කර ඇති අතර ගෑස් ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින්ට ගෑස් ලබා නොදී වැඩි මිලට විකිණීමට ගෑස් සගවා තිබෙන බවට ලද පැමිණිල්ලක් ඔස්සේ මෙම වැටලීම සිදුකල බවයි යාපාරත්න මහතා සදහන් කර සිටියේ.

ගෑස් අලෙවි නියෝජිත සමාගම නොමග යවමින් වෙළදසැලේ සේවකයින් මෙම ජාවාරම සිදුකර ඇති බවට මූලික විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙසේ සගවා තිබූ ගෑස් පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට කටයුතු කල බවත් අත්අඩංගුවට ගැණුනු වෙළදසැල් සේවකයා බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි යාපාරත්න මහතා වැඩි දුරටත් සදහන් කළේ.

මේ අතර දින ගණනාවකට පසු හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින් අද (01) ගෑස් තොග බෙදා හරිනු ලැබුවා.

හැටන් නගරයේ ඩන්බාර් ප්‍රදේශයේ පිහිටි ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා ගෑස් සිලින්ඩරයක් ලබා දීමට ටෝකන් එකක් නිකුත් කිරිමේදි ඒ සදහා අමතර රු.400 මුදලක් අය කරන බවට එම ස්ථානයේ සිටි පාරිභෝගිකයන් චෝදනා කර සිටියා.

එම පාරිභෝගිකයන් නගන චෝදනා සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අපි ටෝකන් නිකුත් කරන එම අලෙවි නියෝජිතයාගේ සේවකයෙකුගෙන් කල විමසුමට කියා සිටියේ ටෝකන් නිකුත් කිරිම සදහා අමතර මුදලක් අය නොකරන බවයි.

ගෘහස්ථ ගෑස්‌ සිලින්ඩරයක් ලබා ගැනිමට පැමිණි පාරිභෝගිකයන් කිහිප දෙනෙකුට ටෝකන් එකක් ලබා ගැනීමට නොහැකි වූ නිසා අලෙවි නියෝජිතයා තමන්ට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලබාදිම ප්‍රතික්ෂේප කල බවයි.

එම පාරිභෝගිකයා මාධ්‍යට අදහස් දැක්විමත් සමග අලෙවි නියෝජිතයාගේ හිතවතෙකු සහ පාරිභෝගිකයා අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 10:52