March 29, 2024

මිරිහානේදී ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්වය ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

ඊයේ රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ සිදුකළ උද්ඝෝෂණය පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වන බවයි.

යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර තිබෙන බව එම නිවේදනයේ දැක්වෙනවා.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා තිබෙනවා.

ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය සිදු කර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසෙන් අනාවරණය වී තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.   

No photo description available.

Rate this item
(1 Vote)
Last modified on Friday, 01 April 2022 13:16