April 19, 2024

කලකට පසු රනිල් හා අනුර කුමාර එක මතයක: අප්‍රේල් 3 වැඩේට නැහැ කියයි Featured

අප්‍රේල් 3 ඉරිදා මුළු රටම ස්වෙච්ඡාවෙන් පාරට බැසීමේ වැඩසටහනක් දියත් වීමට නියමිතයි.

මේ වන විට පක්ෂ දෙකක් ඊට සිය සහාය ලබා නොදෙන බව දන්වා තිබෙනවා.

පක්ෂ දෙක

ඒ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ගැන එක්සත් ජාතික පක්ෂය සහ අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණයි.

එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ තමන් පසුගියදා හයිඩ් පිටියෙන් ආරම්භ කල සත්‍යග්‍රහ ව්‍යාපාරය දිගටම කරගෙන යෑමට තීරණය කළ බවයි.

ඒ නිසා අප්‍රේල් 3 විරෝධතාවයට සහය දීමේ අවශ්‍යතාවයක් නැති බව එ.ජා.පය සඳහන් කරනවා.

ප්‍රතිඵලය දරුණුයි

පැහැදිලි නායකත්වයක් නොමැති මෙවන් විරෝධතාවයක් තුළින් නිර්මාණය විය හැකි තත්ත්වය භයානක විය හැකි බවයි ජ.වි.පෙ පෙන්වා දෙන්නේ.

සමාජ මාධ්‍ය ජාලා හා මුහුණු පොත හරහා සංවිධානය කළ අප්‍රේල් 3 විරෝධතා වැඩ සටහනට මේ වන විට විශාල ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

ඊට සමගි ජන බලවේගය සිය සහය පළ කරන බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(2 votes)
Last modified on Thursday, 31 March 2022 23:59