April 24, 2024

තෙල් අර්බුදය පොලිස් ඇමති අමුතුම විදිහකට දකියි

මේ මොහොතේ මොන රජය බලයේ සිටියත් අද ඇතිව තිබෙන තෙල් හා ගෑස් ප්‍රශ්නය ඇති වන බව ආණ්ඩුවේ ඇමතිවරයෙක් සඳහන් කරනවා.

ඒ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතායි.

ජනතාව ගැන කණගාටුයි

රටට විදේශ විනිමය අර්බූදයක් තිබෙන බව සදහන් කරන ඇමතිවරයා ජනතාව පෝලිම් වල දුක් විඳින අයුරු ගැන කණගාටුවක් තිබෙන බව පෙන්වා දෙනවා.

එසේ පවසන අමාත්‍යවරයා තෙල් අර්බූදයේ තවත් පැත්තක් තිබෙන බවයි අවධාරණය කරන්නේ.

ඒ තෙල් ඉල්ලුම තිබුණාට වඩා 50% කින් ඉහළ ගොස් තිබීමයි.

දිනක අවශ්‍යතාව

දිනකට පෙට්‍රල් ටොන් තුන් දහස් ගණනක් අවශ්‍යව තිබූ එක දැන් ටොන් 5500 ක් අවශ්‍යව තිබෙන බවත් දිනකට ඩීසල් ටොන් 5200 ක් අවශ්‍යව තිබූ එක දැන් ටොන් 7200 ක් දක්වා වැඩි ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

එසේ සඳහන් කරන ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මේ නිසා පිරවුම් හලකට දින තුනකට වරක් තෙල් බවුසරයක් ගෙන එන එක දැන් දිනකට තෙල් බවුසර් තුනක් අවශ්‍ය තත්ත්වයකට පත්ව ඇති බවයි.

එම ඉල්ලුම මත මෙරටට තෙල් ගෙන එන නැව්වල ෂෙඩුයුල් එකත් වෙනස් වී ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයෙකු ලෙස තමාත් මේ ප්‍රශ්නයට වගකිව යුතු බවද වීරසේකර මහතා සඳහන් කරනවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 31 March 2022 23:43

Related items