April 20, 2024

සත්වෝද්‍යාන මුල් පුටුවට ඇමැතිගෙන් අලුත් කෙනෙක් - ශර්මිලා ඉවතට

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කර තිබෙනවා.

එලෙස නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත්තේ තිලක් ප්‍රේමකාන්ත මහතායි.

ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ඒ මහතා එලෙස පත් කළ බවයි අමාත්‍ය සී.බී රත්නායක මහතා සඳහන් කළේ.

තිලක් ප්‍රේමකාන්ත මහතා අද වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)