March 29, 2024

විමල්ගෙන් 69 ලක්ෂයට පණිවිඩයක්: ආණ්ඩුවට කඩේ යන මැති ඇමතිවරුන්ට මේ දේ කරන්න

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනපතිවරයාට ඡන්දය දුන් 69 ලක්ෂයෙන් ඉල්ලීමක් කරනවා.

ඒ ආණ්ඩුව රකින්න කටයුතු කරන ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට සිය ඡන්ද බල ප්‍රදේශ වලට පැමිණීමට ඉඩ නොදෙන ලෙසටයි.

හැට නම ලක්ෂය

මේ අවස්ථාවේ යම් ඇමතිවරයෙක් හා මන්ත්‍රීවරයෙක් ආණ්ඩුව රැකීමෙන් සිදු කරන්නේ 69 නිර්මාණය කළ ආණ්ඩුව විනාශ කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් එළියට බසින ලෙස බල කිරීමට 69 ලක්ෂය පෙළ ගැසිය යුතු බව වීරවංශ මහතා අවධාරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව සමඟ සිටින සෑම ඇමතිවරයෙක් හා මන්ත්‍රීවරයෙක්ම එළවා දැමීමට පෙලගැසීම මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ 69 ලක්ෂයේ වගකීමක් බවයි.

ආණ්ඩුවේ බහුතරය

විමල් වීරවංශ මහතා කළ මෙම ඉල්ලීම දිනපතා ජාතික පුවත්පතක් අද (31) වාර්තා කර තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ බහුතරය එනම් 113 ඉතා ඉක්මනින් නැති කරන බවටත් මුදල් ඇමති ඇමැති බැසිල් රාජපක්ෂ මහතාව එම ධූරයෙන් ඉවත් කරන තැනට වැඩකටයුතු කරන බවට මේ වන විටත් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් නායකත්වය දෙන ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 11ක කණ්ඩායම ප්‍රකාශ කොට තිබෙනවා.

එළඹෙන මැයි 1 දිනට යෙදෙන ලෝක කම්කරු දිනයේදී ආණ්ඩු විරෝධී රැළියක් පැවැත්වීමටත් එම කණ්ඩායම මේ වන විට තීරණය කොට තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 31 March 2022 11:01