March 29, 2024

සර්ව පාක්ෂික නොආපු අයට අගමැතිගෙන් පණිවිඩයක්

සර්ව පාක්ෂික සමුළුව මීළඟ අවස්ථාවට ඊට සහභාගී නොවූ සියලු පක්ෂවලට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලිමක් කරනවා.

අද ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව තමන් ඇතුළු ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් නොදන්නා සේ ඉන්නා බවට ඇතමුන් ව්‍යාජ මත පළ කරන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සර්ව පාක්ෂික සමුළුව

සර්ව පාක්ෂික සමුළුව කැඳවූයේ රටේ තිබෙන ප්‍රශ්න පිළිබඳව තමන්ට හොඳාකාර අවබෝධයක් තිබෙන බැවින් බව ඔහු අවධාරණය කරනවා.

රටේ තිබෙන ප්‍රශ්න විසඳීමට විරුද්ධ පක්ෂයේ ප්‍රායෝගික අදහස් ගැනීමට ආණ්ඩුව තුළ තිබෙන කැමැත්ත මත එම සමුළුව කැඳවූ බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාව දේශපාලනය නොකර රට ගැන සිතිය යුතු වේලාවක් බවයි සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මෙම සර්වපාක්ෂික සමුළුවට සහභාගි වූයේ නැහැ.

අසත්‍ය ප්‍රචාර යැවීම

ළඟ ළඟ එන අවුරුදු සමය ඉලක්ක කොට තෙල් නැති වන බවට, ආහාර නැති වන බවට, හැමදේම මිල ඉහළ යන බවට යවන බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කරනවා.

අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ සමහර ප්‍රශ්න ජනතාවත් නොදැන කවුරු නිර්මාණය කරනවාදැයි තමන් නොදන්නා බවයි.

අර්බූදයක් තිබෙන තිබෙන බව කවුරුත් පිළිගන්නා බව අවධාරණය කරන අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ අරමුණ හැකි ඉක්මනින් තිබෙන ප්‍රශ්න විසඳ හා ජනතාවට පහසුකම් ලබාදීමට කටයුතු කිරීම බව අනාවරණය කරනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වාරි සෞභාග්‍යය දෙවැනි අදියර වැඩ සටහනට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 06:08