March 29, 2024

සටන එන විට ආණ්ඩුවේ සිටි සේනාධිනායකයන් පලා ගිහින්: ජොනීගෙන් අමුතු කතාවක්

ජනපතිවරයා හා අගමැතිවරයා ජනතාවගේ පීඩනය හොඳින් දන්නා බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සදහන් කරනවා.

ඔහු එසේ සඳහන් කරන්නේ එම පීඩනයට හේතු වූ කරුණුද පෙන්වා දෙමින්.

දෙපැත්තෙන්ම ප්‍රශ්න

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකද වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව ඇතුළතින් හා පිටතින් ඇති කළ ප්‍රශ්න පීඩනයට හේතු වූ බවයි.

එසේ ඇතුළෙ ප්‍රශ්න ඇති කළ අය අද අභියෝග එනවිට ඒවා දමා පැන යන බවට ඔහු චෝදනා කරන්නේ ඒ අයගේ නම් ගම් නොකියා.

යුද්ධයක් දකිද්දී එය දමා දුවන පිරිසක් ආණ්ඩුව තුළ සිටින බව පෙන්වා දෙන අමාත්‍යවරයා සටන අසීරු අවධියේ තිබෙද්දී ඊට මුහුණ දීම වෙනුවට ඉන් පැන යාම නොකළ යුතු බවයි අමාත්‍යවරයාගේ මතය වන්නේ.

සේනාධිනායකයන්ගේ පලා යෑම

සේනාධිනායකයන් හැටියට දුටු අය සටන එන විට පලා ගොස් මුදල් ඇමතිවරයාට පහර දෙන බව පෙන්වා දෙන ඇමතිවරයා ඒ හරහා ජනපතිවරයාට පහර නොදෙන බව පෙන්වීමට බොරු උත්සාහයක් ගන්නා බව සදහන් කරනවා.

එහෙත් ඉන් පහර වදින්නේ ජනපතිවරයාට බව අවධාරණය කරන ඔහු හිටපු කැබිනට් ඇමතිවරු ජනපතිවරයා පඹයකු ලෙස හුවා දක්වන්නට කටයුතු කරන බවට චෝදනාවක් ද කරනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති වාරි සෞභාග්‍යයත් දෙක උත්සවයේදී.

Rate this item
(4 votes)
Last modified on Thursday, 31 March 2022 08:07