April 25, 2024

අන්න එදා හින වුන වොක්ස්වැගන් වැඩ පටන් අරන්: ඕනනම් ගිහිල්ලා බලන්න - රනිල්ගෙන් ඉල්ලීමක්

හාස්‍යයට ලක් කළ වොක්සගන් කම්හල දැන් සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කොට තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා හෙළිදරව් කරනවා.

අවශ්‍ය නම් එතැනට ගොස් බලන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරනවා.

හාස්‍ය ජනක මතය

ඔහු එම ඉල්ලීම කළේ පුද්ගලික රූපවාහිනී රූපවාහිනී නාලිකාවක් හා සමඟ පැවති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා වෙත අදාළ ප්‍රශ්නය යොමු කළ මාධ්‍යවේදියා වෙතයි.

වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරද්දී කුලියාපිටියේ මුල් ගල් තැබූ වාහන එකලස් කිරීමේ මෙම කර්මාන්ත ශාලාව පිළිබඳ විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ බොහෝ දෙනෙකු එදා කතා කළේ හාස්‍යයෙන්.

එම කර්මාන්ත ශාලාව හාස්‍ය ජනකද , නැද්ද යන්න එතනට ගොස් බලා සඳහන් කරන ලෙසයි වික්‍රමසිංහ මහතා අදාළ මාධ්‍යවේදියාගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේ.

දහසකට පුහුණුව

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත කටයුතු සඳහා දහසක පමණ පිරිසක් පුහුණු කොට ඇති බව සඳහන් කරන වික්‍රමසිංහ මහතා එම ස්ථානයේ බලාපොරොත්තු වූ වොක්සගන් වාහන නිෂ්පාදනය නොකරන බව පෙන්වා දෙනවා.

ඒ ඊට බලපෑ හේතු වත් සමඟ.

වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ එම සමාගමට එරෙහිව නඩු පවරා තිබීම මත තමාද වොක්සගන් වාහන එහි එකලස් නොකරන ලෙස උපදෙස් දුන් බවයි හෙළිදරව් කරන්නේ.

රටවල් හත අටක වොක්සගන් සමාගමට එරෙහිව නඩු දැමූ බවද අනාවරණය කරන වික්‍රමසිංහ මහතා බෝගාඩ් වාහනය නිෂ්පාදනය කරන ලෙස තමන්ද ඒ අවස්ථාවේ උපදෙස් දුන් බව අවධාරණය කරනවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 31 March 2022 06:44