April 20, 2024

විමල්ගේ ඉවසීම පනී: ශ්‍රීලනිපයේ දෙබිඩි පිළිවෙතට ප්‍රතිචාර දක්වයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තීරණාත්මක අවස්ථාවේ අනුගමනය කරන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය මතය ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී.ල.නි.පය දෙලොවක් අතර සිටින බවයි.

තීරණාත්මක අවස්ථාව

ඔහු වැඩි දුරටත් සඳහන් මේ අවස්ථාවේ ශ්‍රී.ල.නි.ප.ය මස් කනවද මාළු කනවද කියා සිතමින් සිටින බවත් අවසානයේ බෙල්ල කැපිල යන තුරුම දන්නෙ නැති බවයි.

වීරවංශ මහතා එසේ පිළිතුරු දුන්නේ ශ්‍රී.ල.නි.පය තමන්, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර මහතා ඇතුළු කණ්ඩායමක් නායකත්වය දෙන ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 කණ්ඩායමේ සාමාජිකයෙකු වුවත් එම පක්ෂය තවමත් ආණ්ඩුව තුළ සිටිමින් ගෙන යන දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට.

එම ප්‍රශ්නය මතු වූයේ විමල් වීරවංශ මහතා සහභාගි වූ එක්තරා පුද්ගලික රූපවාහිනී සේවයක වැඩ සටහනකදී.

අනතුරු අත් හැරීම

එහිදී වැඩි දුරටත් දක්වමින් වීරවංශ මහතා සඳහන් කළේ ශ්‍රී.ල.නි.පයේ දෙතුන් තුන් දෙනෙක් ආණ්ඩුවේ ඇමති ධූර අත හැරීමට අකමැති බැවින් ඔවුන් ඒ සඳහා කැමති කරවා ගන්නා තෙක් ශ්‍රී.ල.නි.පය ආණ්ඩුව තුළ රැඳීමට උත්සාහ ගන්නා බවයි.

එම මතවාදයේ සිටින තාක්කල් ශ්‍රී.ල.නි.ප යට පැවැත්මක් නැති බවයි විරවංශ මහතාගේ මතය වන්නේ.

මේ අවස්ථාවේ සිට ගත යුත්තේ කොතනදැයි යන්න ශ්‍රීලනිපය තීරණය කළ යුතු බව විරවංශ මහතා අවධාරණය කරනවා.

ශ්‍රීලනිප අයිතිය

ආණ්ඩුව සමඟ සිට හෝ තමන්ට තනියම ගමනක් හැකි යැයි සිතා වැනසීමටද ශ්‍රීලනිපයට අයිතියක් තිබෙන බවත් ඔහු මතක් කර දෙනවා.

ශ්‍රී.ල.නි.පය නියෝජනය කරමින් කැබිනට් ඇමති ධූරයක් දරණ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන් තමන් දරන ඇමති ධුරවලින් ඉවත් වීමට අකමැති අය බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ තිදෙනාම ශ්‍රී.ල.නි.පයේ ප්‍රධාන ධූර දරන්නන්.

නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයෙක් ලෙසත්, දුමින්ද දිසානායක මහතා ජාතික සංවිධායකවරයා ලෙසත්, ලසන්ත අලගියවන්න මහතා භාණ්ඩාගාරිකවරයා ලෙසත් කටයුතු කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 31 March 2022 08:11