April 25, 2024

ඩීල් කතාවෙන් රනිල්ට මළ පනී: බකීර් මාකර්ට යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බකීර් මාකර් මහතා වෙත දැඩි විවේචනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඒ සර්ව පාක්ෂික සමුළුව හා ඊට රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉම්තියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

සර්ව පාක්ෂික සමුළුව

මෙම සිදුවීම ඇති වූයේ එක්තරා පුද්ගලික රූපවාහිනි නාලිකාවක් වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකදී.

එහිදී බකීර් මාකර් මහතා සර්ව පාක්ෂික සමුළුව නීත්‍යානුකූල නොවන බවත් ඊට වික්‍රමසිංහ මහතා සහභාගි වූයේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගේ ආරාධනාවකට අනුව බව සදහන් කිරීම බොරුවක් බවත් මාධ්‍ය හමුවකදී සදහන් කරන වීඩියෝ පටයක් විකාශය කලා.

වික්‍රමසිංහ මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා ගැන සඳහන් කළේ ඔහුගේ සැබෑ මිත්‍රත්වය තිබෙන්නේ කා සමගදැයි යන්න සැඟවීමට බවත් එහිදී බාකීර් මාකර් මහතා සඳහන් කළා.

දැක්වූ ප්‍රතිචාරය

ඊට වික්‍රමසිංහ මහතා දැක්වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රතිචාරයක්.

ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට බාකීර් මාකර් මහතාගේ ඇඳුම , කොණ්ඩය , රැවුල කපා නොමැතිකම , තමන්ගෙ ගෝලයෙක් බව සඳහන් කිරීම ආදී කරුණුයි සඳහන් කළේ.

"මම කියන්නේ ඉස්සෙල්ලම කොණ්ඩේ පීරලා එන්න.කොන්ඩේ පීරලා නැහැ.ෂර්ට් එක මැදලා නැහැ.හොඳ අත් දිග ෂර්ට් එකක් අඳින්න.ඊළඟට හරියට රැවුල බාලා නැහැ.ඊට පස්සේ ඇවිල්ල කතා කරන්න කියන්න."

"මට බැන්නට කමක් නැහැ.පාර්ලිමේන්තුවේම තත්ත්වය නැති වෙනවා මේකෙන්.මම මෙයාව හොඳට දන්නවා.මමයි මෙයාව දේශපාලනයට ගෙනල්ලා හැදුවේ."

වික්‍රමසිංහ මහතා බාකීර් මාකර් මහතාට ප්‍රතිචාර දැක්වූයේ ඒ ආකාරයටයි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 30 March 2022 08:52