March 29, 2024

නාමල් අවාසනාවන්තයෙක්: අර සිහිනය සුන් - ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ අනාගත ජනපති සිහිනයට වෙන දේ ගැන උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සිය මතය පල කරනවා.

ඔහු සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ ඇමතිවරයා අවාසනාවන්තයෙක් බවයි.

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ මේ ආණ්ඩුවේ අවසානයත් සමඟ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් වීමයි.

එපමනක් නොව වසර 80ක පමණ දෙරට පවුල් දේශපාලනයද මේ ආණ්ඩුවේ අවසානයත් සමග අවසන් කරන බව තමන් වගකීමෙන් යුතුව කියන බව ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

තම පාර්ශවයට නැවතත් රාජපක්ෂවරයෙකු බලයට ගෙන ඒමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව සඳහන් කරන ගම්මන්පිල මහතා මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ වීම ඊට හේතුව ලෙසයි පෙන්වා දෙන්නේ.

චෝදනාවට පිළිතුරු

ගම්මන්පිල මහතා මෙසේ ප්‍රතිචාර දැක්වූයේ සිය පාර්ශවය කටයුතු කරන්නේ ආණ්ඩුවෙන් ගැලවෙන කොටස් සිය කදවුර වටා ඒකරාශී කොට ඒ හරහා නාමල් රාජපක්ෂ මහතා ජනපති කරවීමට බවට නැගෙන චෝදනාවට පිළිතුරු දෙමින්.

ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වූයේ මාධ්‍ය අමතමින්.

ඉතා නුදුරේම ආණ්ඩුවේ බහුතරය නැති කරන බව ගම්මන්පිල මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සන්ධානගත පක්ෂ 11ක කණ්ඩායම ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝග කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 30 March 2022 08:05