April 25, 2024

ජාතික ආණ්ඩුවක අගමැතිකම ආවට ගියාට ගන්න බැහැ: එජාප සභාපති දැන් කියන කතාව

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සිය මතය පළ කර තිබෙනවා.

වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

ආවට ගියාට

එහෙත් අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නත් එය ආවට ගියාට ගන්නේ නැති බවත් ඔහු අවධාරණය කරනවා.

රටක ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟවන ආකාරයට ගන්නා තීන්දු වලට පමණක් එකඟ විය හැකි බවයි එ.ජා.ප සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහජනයා ආරක්ෂා කළ හැකි ඕනෑම පියවරකට යෑමට එ.ජා.පය සූදානම් බවයි.

ප්‍රථමයෙන් කළ යුත්ත

ප්‍රථමයෙන්ම කළ යුත්තේ ජාතික එකඟතාවයකට යාම බව පෙන්වා දෙන එ.ජා.ප සභාපතිවරයා ජාතික ආණ්ඩුවක් ගැන සලකා බැලිය යුත්තේ ඉන් පසුව බවයි අනාවරණය කරන්නේ.

මේ අවස්ථාවේ රටේ තිබෙන ප්‍රශ්නය කාගේ හෝ ඇගේ ගැසීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට තිබෙන බව පෙන්වා දෙන අබේවර්ධන මහතා ලෙබනනයේ එසේ කළ බවත් සඳහන් කරනවා.

ජාතික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගතහොත් ජනපතිවරයා යටතේ වැඩ කටයුතු කළ යුතු බවට නියමයක් නොමැති බවද අබේවර්ධන මහතා සඳහන් කරන්නේ 2015 ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උදාහරණයක් ලෙස පෙන්වා දෙමින්.

ව්‍යවස්ථා වෙනසක්

එම ව්‍යවස්ථාවෙන් අග්‍රාමාත්‍යවරයා මුල් වූ ආණ්ඩුවක් ගෙන යෑමට හැකි වූ බවත් එම තත්ත්වය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනස් කළද ඉදිරියේ ඇතිවන තත්වයන්ට මුහුණ දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් කළ යුතු නම් එය කළ යුතු බවයි එ.ජා.ප සභාපතිවරයාගේ මතය වන්නේ.

අබේවර්ධන මහතා මේ ආකාරයට අදහස් දැක්වුවත් ඔහු රාජපක්ෂවරු සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වන්නෙක් බවටත් ඔවුන් සමග දේශපාලන ගනුදෙනු කරන්නෙක් හැටියටත් ප්‍රසිද්ධියක් උසුලනවා.

වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරයට ගෙන ඒම පිටුපස අබේවර්ධන මහතාද සිටින බව දේශපාලන ආරංචි ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොහොට්ටුවේ නිල මතය

වික්‍රමසිංහ මහතාට ජාතික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය ලබාදීම මේ වන විට පොදුජන පෙරමුණ නිල වශයෙන් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

ඒ මීට ටික දිනකට පෙර පොදුජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් මහතා පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවක් තබමින්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 30 March 2022 08:52