March 29, 2024

ගැහුවත් ගහනවා, ගහන්න ආවත් ගහනවා: ඒකයි අපේ දේශපාලනය - පොහොට්ටු ලේකම් මාධ්‍ය අමතා කියයි

තමාට කිසිවෙක් පහරදීමට පැමිණියහොත් තමා බලා සිටින්නේ නැති බව පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.

වෘත්තියෙන් නීතිඥවරයෙකුද වන ඔහු සඳහන් කරන්නේ ජනපතිවරයාගේගේ නිවස වට කළ ආකාරයට තමන්ගේ නිවෙස වට කලා නම් ඒ වට කළ අය නිකන් යන්නේ නැති බවයි.

ජනපති නිවස

ඔහු මේ බව සඳහන් කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ජනපතිවරයාගේ මිරිහාන පිහිටි නිවස කාන්තාවන් පිරිසක් සමග වට කිරීමේ සිද්ධිය පදනම් කරගෙනයි.

තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සපයා ගත යුතු බව පෙන්වා දෙන පොදුජන පෙරමුණ ලේකම්වරයා ගැහුවොත් තමා ගහන බව සදහන් කරනවා.

තමන් ලේකම් ධුරය දරන පොදු ජන පෙරමුණ ගහන්න ආවත් ගහන , ගැහුවොත් ගහන පක්ෂයක් ලෙසටයි කාරියවසම් මහතා හඳුන්වා දෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය

පොදු ජන පෙරමුණ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් බවත් ඒ අතරම කාරියවසම් මහතා සඳහන් කරනවා.

පොදුජන පෙරමුණේ මෙම අනන්‍යතාවය පිළිබඳ කාරියවසම් මහතා කරුණු හෙළි දරව් කළේ එම පක්ෂය නියෝජනය කරන සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා සමුපකාර ඡන්දයක් පැවති ස්ථානයකදී ඇතිකරගත් ගැටුමක් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

පොදු ජන පෙරමුණ ලේකම්වරයා මෙම අදහස් දැක්වූ මාධ්‍ය හමුව පැවැත්වුණේ පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී.

ඊට රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයාද සහභාගි වුණා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 29 March 2022 08:50

Related items