April 20, 2024

ලොකු ව්‍යාපෘති රැසකට ඇමෙරිකාවෙන් ණය! ඇමෙරිකානු තානාපතිනිය ජනපතිට පොරොන්දු වෙයි

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසනවා.

ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඇය මේ බව සඳහන් කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී රජය දැක්වූ සහාය තානාපතිනියගේ ප්‍රසාදයට ලක් විය.

පසුගිය කාලයේ දී මෙරට ආර්ථිකයේ බිඳ වැටීමට හේතු වූ කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට රජය ගත් තීරණය පැසසීමට ලක් කළ ජූලි චන්ග් මහත්මිය එය මෙරටට දිගුකාලීනව ඉතා වැදගත් බව පෙන්වා දී තිබෙනවා.

කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ ද අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළා.

Rate this item
(3 votes)