April 20, 2024

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නිහඬයි: අගමැතිත් පුදුම වෙයි

ඉකුත් සතියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම් දෙකක් පැවැත්වුණා.

එකක් ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. අනික අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීම් වලදී මන්ත්‍රීවරුන් සිය ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පැකිලෙන්නේ නැහැ.

ඒ අග්‍රාමාත්‍යවරයා ඊට හොඳින් සවන් දී අවශ්‍ය විසඳුම් යෝජනා කරන නිසා.

එහෙත් ඉකුත් සතියේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සුවිශේෂී දෙයක් සිදු වුණා.

නිහඬ පිළිවෙත

එහිදී තමන්ට ඇති ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස ඇමතිවරුන්ට මෙන්ම මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නත් මන්ත්‍රීවරුන් කිසිවෙක් අදහස් ඉදිරිපත් නොකිරීමයි.

අග්‍රාමාත්‍යවරයා දෙවන වතාවටත් තිබෙන ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස සදහන් කලත් ඇමතිවරු හා මන්ත්‍රීවරු කිසිදු වචනයක්වත් නොකියා නිහඬවම සිටි බවයි දැනගන්නට තිබෙන්නේ.

සිය මන්ත්‍රී කණ්ඩායමේ මේ නිහඬ භාවය දැක අග්‍රාමාත්‍යවරයා පුදුමයට පත්වූ බවයි වාර්තා වන්නේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මෙම නිහඬතාවය එතරම් හොඳ ඉඟියක් නොවන බව මනා දේශපාලන අවබෝධයක් ඇති අග්‍රාමාත්‍යවරයා තේරුම් ගත් බවට සැකයක් නැහැ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2022 09:50