April 25, 2024

හෙටත් පැය 05 ක විදුලිය කප්පාදුවක්

හෙට (28) දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින්ද පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40 ක් බැගින්ද විදුලිය විසන්දි කිරීමට නියමිතයි.

P සිට W දක්වා කලාප 08 ට පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 02 යි විනාඩි 15 ක් බැගින්ද පස්වරු 05.30 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 50 ක් බැගින්ද විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

Rate this item
(2 votes)