මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පැවති වාර්ෂික රග්බි තරගයෙන් ලකුණු 17ට 14ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය හිමි වී තිබෙනවා.
හැව්ලොක් පිටියේ මෙම පැවති තරගය අවසානයේ ඊයේ උණුසුම් තත්ත්තවයක් ඇතිව තිබෙනවා.
තරගය විනාඩි කිහිපයකට කලින් අවසන් කළේ යයි කලහකාරී ලෙස හැසිරුණු පිරිස් චෝදනා කරනවා.
තරගය නැරඹීමට පැමිණ සිටි තරුණියක් තරගය විනිශ්චය කරන ලද විනිසුරුට පහරක් ගසනු අයුරු දක්නට ලැබුණා.