April 19, 2024

මිනිය වළලද්දී සොහොනට අකුණක් ගහලා - 25ක් රෝහලේ

මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේ අවමංගල උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට අද (26) සවස අකුණු සැර වැදී ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් 25 දෙනකු මාවනැල්ල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසන්නේ.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද සිටිනවා.

සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කළේ මියගිය කාන්තාවකගේ භූමිදාන කටයුතු අවසන් කිරීමට මොහොතකර පෙර ඒ අසල වූ පොල්ගසකට එම අකුණු පාත් වූ අවස්ථාවේ සුසාන භූමියේ සිටි සියලු දෙනා තැන තැන ඇද වැටුණු බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 27 March 2022 01:11