March 29, 2024

රනිලුත් 400% කින් ගණන් උස්සයි

රටේ පවතින තත්ත්වයට අනුව එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්ව මුදලද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා කළ යෝජනාවකට අනුවයි.

සාමාජික ගාස්තුව

ඒ අනුව බොහෝ කලක් රු. 20 කට තිබූ සාමාජික ගාස්තුව 400% කින් ඉහළ දමා තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස එජාප නව සාමාජික ගාස්තුව රු. 100 දක්වා වැඩි වී තිබෙනවා.

පක්ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීමේ වැඩ පිළිවෙළ බාරව සිටින්නේත් සාගල රත්නායක මහතායි.

වගකීම් මාරු කිරීම

ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව.

මීට පෙර පක්ෂ සාමාජිකත්වය ප්‍රවර්ධනය කිරීමේ වැඩ පිළිබඳ භාරව සිටියේ නියෝජ නායක රුවන් විජේවර්ධන මහතායි.

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ ඉකුත් සතියේ කොළඹින් ආරම්භ කෙරුණා.

එහෙත් එම වැඩපිළිවෙළ සාර්ථක වූ බවක් වාර්තා වන්නේ නැහැ.

Rate this item
(4 votes)
Last modified on Saturday, 26 March 2022 10:07

Related items