March 29, 2024

පොහොට්ටුවේ 11ක් එළියට බහින්න සූදානම්! ආණ්ඩුවේ බහුතරය නැති කරන සැලසුම මෙන්න

ඉතා පහසුවෙන් වර්තමාන ආණ්ඩුවේ බහුතරය අහිමි කළ හැකි බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ජන හමුවකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ පැවසීය.

“ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අරන් තියෙන උපරිම ගණන 156යි. ඒකෙන් දැන් ඇමතිවරු 3දෙනෙක් නැහැ. එතකොට 153යි. පක්ෂ 11 තුළ මන්ත්‍රීවරු 30ක් ඉන්නවා. ඒකත් අඩු කළාම 123යි. පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවෙන්න 112ක් වෙන්න ඕනේ. 123යි 112යි අතර පරතරය 11යි. පොහොට්ටුවේ මන්ත්‍රීවරු 11කට වඩා දැනටමත් අපිට සහයෝගය පළ කරලා තියෙනවා. නිසි කලට නිසිලෙස අපි අපේ බලය පෙන්වනවා. එක්කෝ වසර අග එන අයවැය පරාජය කරන්න ඕනේ. තැත්තම් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න ඕනේ. ඉවසීමෙන් බලන් ඉන්න…” යැයි මන්ත්‍රීවරයා විස්තර කළා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ ආණ්ඩුවේ බහුතර බලය සම්බන්ධයෙන් මේ මොහොතේ ගැටළුවක් පැන නැගී නොමැති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 27 March 2022 03:11

Related items