April 18, 2024

ශර්මිලා මාධ්‍ය හමුවේදී හඩා වැටෙයි : "ඔයාගේ පොත්ත සුදුයි" ඇමැති මුණටම කියලා

ජනමාධ්‍යවලින් තමන්ට සහාය දෙන්නේ තමන්ගේ පොත්ත සුදු නිසා බව විෂය භාර අමාත්‍යවරයා පැවසුවේ යැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පවසනවා.

රිදීගම සෆාරි උද්‍යානයේ ඇතිවූ ගැටලුකාරී සිදුවීමක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය කියා සිටියේ අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් කිහිපදෙනෙක් ඉදිරිපිට දී බවයි.

එය කණගාටුවට කාරණාවක් බවත් තමන් ඒ පිළිබඳ ලැජ්ජාවට පත්වන බවත් ඇය සඳහන් කළා.

එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා,

"ඊයේ මම රිදීයගම සිට කොළඹ එනකොට මගේ වාහනේ ඉස්සරහ රෝද දෙකට ම වැලි පුරවලා වහලා තිබුණා. ඇමතිවරයා, අමාත්‍යාංශය  ලේකම්වරයා, මමත් තව කිහිප දෙනෙක් ඉන්නකොට අමාත්‍යවරයා මට කිව්වා ජනමාධ්‍ය මගින් මට සහාය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා කියලා. ඒක කණගාටුවට කරුණක්. කාන්තාවක් හැටියට මම ලැජ්ජ වෙනවා."

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටින අතරතුරදී රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට එහි සේවකයින් පිරිසක් පෙරේදා (23) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ පශු වෛද්‍යවරයා මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.‍

රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලද ඩෝරා සිංහ පැටවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ‍ලෙස ප්‍රියසාද් එදිරිවර්ණ පසුගිය සමයේ මහත් කතාබහට ලක්වූ වෛද්‍යවරයෙක්.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සියලු පශු වෛද්‍ය නිලධාරීන් ඊයේ (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වී තිබෙනවා.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රිදියගම සෆාරි උද්‍යානයේ සේවය කරන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණට පහරදීමේ සිද්ධියට අදාළව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි බල කරමිනි.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ද මිට පෙර සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වන ශර්මිලා රාජපක්ෂ මහත්මියට බැණ වැදී තිබුණා.

වැඩිදුර කියවීමට : ඇමති විමලවීර, වියත්මගේ ශර්මිලාට බැණ තර්ජනය කරයි! පළිගැනීමේ අමුතු සැළසුමත් එළියට!

මේ වන විට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ සී.බී.රත්නායක මහතායි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 March 2022 11:07