March 29, 2024

සර්ව පාක්ෂික සමුළුවකට ජවිපෙන් අලුත් නමක්: නම මුල්කොටගෙන ඩයනා - විජිත ගැටෙයි

ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23 දින පැවැති සර්ව පාක්ෂික සමුළුවට පක්ෂ මාරු කළ ඩයනා ගමගේ මන්ත්‍රීවරියත් යෝජනාවක් ඉදිරිපත් කළා.

ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වූ සමගි ජන බලවේග සාමාජිකත්වයෙන් මේ වන විට ඉවත් කර තිබෙන අතර ඇය මෙම සමුළුවට සහභාගී වුණේ මොන පක්ෂය නියෝජනය කරමින්ද යන්න ප්‍රශ්නයක්.

සුපුරුදු යෝජනාව

සර්ව පාක්ෂික සමුළුවේදී ඇය යළිත් වරක් සිය සුපුරුදු ගංජා ජාත්‍යන්තරයට අලෙවි කිරීමේ යෝජනාව ඉදිරිපත් කළා.

එම යෝජනාව මේ වන විට මාධ්‍ය සාකච්ඡාවලදී පවා කතා බහට ලක්වනවා.

ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ ජාතික ජන බලවේගය නියෝජනය කරන විජිත හේරත් මන්ත්‍රීවරයා හා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මේ සිද්ධිය මුල් කොටගෙන ගැටුණා.

සමුළුවේ අලුත්ම නම

ඒ එක්තරා පුද්ගලික රූපවාහිනී සේවයක පැවති විවාදයකදී.

ඒ සර්ව පාක්ෂික සමුළුව "ගංජා" සමුළුව නමින් ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වීම මුල් කොටගෙන.

එම රූපවාහිනී විවාදයේදී ගමගේ මන්ත්‍රීවරිය දුරකථනය හරහා එම සාකච්ඡාවට එක්වී විජිත හේරත් මන්ත්‍රීවරයා අමතා සිය අප්‍රසාදය පළ කළේ සර්ව පාක්ෂික සමුළුව "ගංජා" සමුළුව නමින් හැඳින්වීම සම්බන්ධයෙන්.

මන්ත්‍රීවරියගේ පිළිතුර

රටේ විදේශ විනිමය අවශ්‍ය මේ මොහොතේ කිසිදු යෝජනාවක් නොකොට කරන යෝජනා විවේචනය කරන බවට එහිදී ගමගේ මන්ත්‍රීවරිය හේරත් මහතාට දොස් නැගුවා.

ගංජා අලෙවි කරන්නේ කොහාටදැයි ඊට ප්‍රතිචාර දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ අතර "ඇයි කැනඩාව" යයි ඊට පිළිතුරු දෙමින් ගමගේ මන්ත්‍රීවරිය ප්‍රකාශ කළා.

Rate this item
(2 votes)
Last modified on Friday, 25 March 2022 14:27

Related items