April 20, 2024

සිරිසේන සතුටින්: වත්මන් ජනපති අගයයි - ලෑස්තිය අඩව්වකටද

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්වාසය තැබීමට අපහසු පුද්ගලයෙක්.

ඒ විටින් විට ඔහු සිය ස්ථාවරයන් වෙනස් කරන නිසා.

දෙපැත්තේම ගනුදෙනු

එක පැත්තකින් ඔහු නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11ක කණ්ඩායම නියෝජනය කළත් අනිත් අතින් පොදුජන පෙරමුණ ආණ්ඩුව සමගත් ඔහු ගනුදෙනු කරනවා.

සිය මුහුණු පොතේ සටහනක් තබා ඇති හිටපු ජනපතිවරයා ඒ හරහා සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට ජනපති ගත් තීරණය අතිශයින්ම අගය කොට තිබෙනවා.

තමා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.පය රජයට ගෙන ආ එම යෝජනාව වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා කළ එකක් ලෙසටයි සිරිසේන මහතා හඳුන්වා දී තිබෙන්නේ.

පක්ෂ 11 කණ්ඩායම

එහෙත් ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන සන්ධානගත පක්ෂ 11 කණ්ඩායමේ ප්‍රබල නායකයින් මෙම සමුළුව වර්ජනය කළ අතර ඔවුන් වෙනුවෙන් සංකේතාත්මක නියෝජනයක් ලෙස නියෝජිතයින් දෙදෙනෙකු පමණක් එම සමුළුවට එවා තිබුණා.

රට තුළ පැන නැගී තිබෙන බරපතළ ආර්ථික හා සමාජ ප්‍රශ්නය අර්බුදයක් වුවත් එය අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම කිසිසේත් සුදුසු නොවන බව සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනේ තබා තිබෙනවා.

එහෙත් පක්ෂ 11 සන්ධානය සඳහන් කරන්නේ වර්තමාන ආර්ථික ප්‍රශ්නය අර්බූදයක් බවත් එය ආණ්ඩුව ප්‍රසිද්ධියේ පිළිගෙන සත්‍ය ජනතාවට හෙළිදරව් කළ යුතු බවයි.

එම සමුළුවට ශ්‍රීලනිපය කරුණු 22 කින් යුත් යෝජනාවලියක් ද ඉදිරිපත් කොට තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 March 2022 10:04