April 23, 2024

කුරහන් සාටකය දැම්මට කුරහන් ගේන්නෙත් පිටරටින්: ගම්මන්පිලගෙන් මරු කතාවක්

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා කුරහන් සාටකය පැළඳුවාට කුරහන් ටිකත් පිටරටින් ගෙනත් තිබෙන බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

ඔහු එම හෙලිදරව්ව කරන්නේ අද මේ රටේ ජනතාව දුක් විඳින්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ වරදින් බවට චෝදනා කරමින්.

කැබිනට් රැස්වීම

ජනතාව පීඩාවට පත් කර තිබෙන අර්බුදය තමන් බොහෝ කලින් දුටු බව ඔහු පෙන්වා දෙනවා.

2020 ඔක්තෝබර් 20 වෙනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා කිරීමට තම පාර්ශවය (විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර) කතා කළ බව මන්ත්‍රීවරයා අනාවරණය කරනවා.

එහෙත් මුදල් ඇමතිවරයා සඳහන් කරන්නේ ඇපල් ගෙන ආවේ නැතිනම් සංචාරක ව්‍යාපාරය කිරීමට නොහැකි බව බවයි ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ.

විහිළු සහගත කතාව

එය විහිළුවක් බව ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ ඊට උදාහරණයක්ද පෙන්වමින්.

"ඕස්ට්‍රේලියාවේ ඉන්න සුද්දෙක් ගුවන් යානයක නැගලා පැය 11ක් ගෙවලා ශ්‍රී ලංකාවට එනවද තමන්ගේ වත්තේ නැවුම්ව කන්න පුළුවන් ඇපල් ගෙඩිය වෙනුවට මාස හයක් කුණු කරල තියෙන ලංකාවේ ඇපල් ගෙඩිය කාලා යන්න."

මන්ත්‍රීවරයා නගන ප්‍රශ්නය එයයි.

දේශීය ආහාර

ඒ වෙනුවට මෙරට වරකා හෝ අන්නාසි වැනි දේ සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමට හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේ තමන් නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමයේ මහරගම ජාතික සභාව අමතමින්.

Rate this item
(2 votes)
Last modified on Thursday, 24 March 2022 08:14