June 29, 2022

"ඇවිදින්න යන්න තෙල් නෑ" ලංකාවේ සංචාරයට ආ විදෙස් කත කියූ කතාව

ශ්‍රී ලංකාව කියන්නේ හොද රටක් ඒ වගේම හොද මිනිස්සු ඉන්නේ, අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා, එහෙම ආවම අපට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති බව ජර්මනියේ සිට ලංකාවේ සංචාරය සදහා පැමිණි කාන්තාවක් නුවරඑළියේදී පවසා සිටියා.

නුවරඑළියේ ඉන්ධන පිරවුම්හල ත්‍රි රෝද රථයකින් පැමිණි එම කාන්තාව මෙසේ පැවැසුවා.

"මම ලංකාවට ආවේ මිට දින කිහිපයකට කලින් කටුනායකින් කුලි පදනම මත ලබාගත් ත්‍රි රෝද රථයකින් තමයි ලංකාවේ ලස්සන තැන් බලන්න සැලසුම් කළේ. මම නුවරළියට ආවේ 21. මම ඇල්ල ප්‍රදේශයට යන්න තමයි ත්‍රිරෝද රථයෙන් ඉන්ධන පිරවුම්හල අසලට ආවේ. හැබැයි මට ඇල්ලට යන්න පෙට්‍රල් ටිකක් ගන්න මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නැහැ.මම කටුනායක ඉදලම ත්‍රිරෝද රථයෙන් යන සෑම ස්ථානයකම ත්‍රිරෝද රථයේ ප්ලාස්ටික් බෝතලයක් තියාගෙන ඉන්නවා පෙට්‍රල් තියෙන තැනකින් ගන්න.
දැනට ත්‍රිරෝද රථයේ තියෙන පෙට්‍රල්වලින් යන්න පුළුවන් උපරිම දුරක් යනවා.“

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 23 March 2022 12:44