April 23, 2024

ඇමති ජී.එල්, කටාර් තානාපති හමුවෙයි

කටාර් රාජ්‍යයේ තානාපති ජසීම් බින් ජාබෙර් ජේ. බී. අල්- සරූර් මහතා ඊයේ (21) විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හමු වුණා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය පීරිස් මහතා, මානව හිමිකම් කවුන්සිලයේ දී කටාර් රාජ්‍යය ශ්‍රී ලංකාව වෙත පළ කළ දැඩි සහයෝගය සහ සංවේදී ප්‍රවේශය අගය කළ අතර, සංහිඳියාව සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව විස්තර කර තිබෙනවා. 

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර පවත්නා දිගුකාලීන සහයෝගිතාව, ස්ථීර මිත්‍රත්වය සහ බහුවිධ සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද, අමාත්‍ය පීරිස් මහතා වැඩිදුර අවධානය යොමු කර තිබෙන බවද වාර්තා වෙනවා. 

දෙරටේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයක් සහ මිත්‍රත්වයක් ප්‍රවර්ධනය කිරීම උදෙසා කටාර් රාජ්‍යය දැඩි කැපවීමෙන් කටයුතු කරන බව, තානාපති සරූර් මහතා මෙහි දී තහවුරු කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 March 2022 20:33