April 25, 2024

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න මඟ හැර යන්න හැදු ඇමතිවරියගෙන් රියදුරුට උපදෙස් (VIDEO)

මහර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් පසු විදුලි අර්බුධය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට විදුලිබල අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙලෙස ප්‍රතිචාර දැක්වීම මඟ හැර තිබෙනවා.

ඇය තම නිල රථයට ගොඩ වී රියදුරුට උපදෙස් ලබා දුන් අතර එහිදී වචන හුවමාරුවක්ද සිදු වී තිබෙනවා.

"මොකද එක්කෝ කතා කරනවා නම් ඔයා යන්නේ නැතුව ඉන්න. මේ ඔහොම තියන්න. "

පසුව ඇය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

"එන්න එන්න දවසින් දවස වැඩි වෙන විදුලි පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට පහුගිය අවුරුදු 5 බලාගාර හැදිලත් නැහැ. ඕක තමයි තත්වය."

එලෙස අදහස් දක්වමින් සිටියදී අමාත්‍යවරියගේ නිල රථය හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව එම ස්ථානයේ නිලධාරියෙක් සඳහන් කිරීමත් සමඟ ඇය පවසා සිටියේ "ඔහොම ඉන්නකෝ මහත්තයෝ. මම යනවා දැන් අයින් කරන්න ඕනේ නැහැ."යනුවෙනුයි.

පසුව අමාත්‍යවරිය මාධ්‍ය වෙත අදහස් දැක්වීම නවතා දමා එම ස්ථානයෙන් පිටත්ව ගියා.

Rate this item
(0 votes)