April 25, 2024

ඇමති නිමල් ලන්සා ඉල්ලා අස්වෙයි - හෘද සාක්ෂිය ගැන කියමින් ජනපතිට ලිපියක් යවයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ග්‍රාමීය මාර්ග සහ අවශේෂි යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඔහු අද දිනයේ ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මස 22 වනදා අමාත්‍ය ධූරයේ වඟකීම් ඉටු කිරීමේදී මුහුණ පෑමට සිදුවූ ගැටලු කිහිපයකට විසදුම් ඉල්ලා ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කළා.

ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු දක්වා ඇත්තේ, අදාළ ලිපියෙන් මතු කළ කරුණු අමාත්‍යාංශය තුළ තවදුරටත් සිදුවන බවයි.

අමාත්‍යවරයෙකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ රැදී සිටිය හැකි වුවද ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් හා පීඩනයකින් සිටින මෙම අවස්ථාවේ ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරව බලා සිටීමට හෘද සාක්ෂියට ඉඩ ලබා නොදෙන බව ඔහු ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා තිබෙනවා.

එමනිසා අද දිනයේ සිට තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවයි ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් සිහිපත් කර ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2022 09:00