April 25, 2024

ලංකාව චීනයෙන් ලොකු ණයක් ඉල්ලයි - චීනයේ අදහස කියයි

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇති ණය ආධාර සම්බන්ධයෙන් සලකා බලන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා සඳහන් කරනවා.

මාධ්‍ය හමුවක දී ඔහු පැවසුවේ අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමක් ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති බවයි.

දෙරට අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙලෙඳ ගිවිසුමෙන් චීනය අහිතකර වාසි ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බව ද තානාපතිවරයා එහිදී කියා සිටියා.

ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමේ දී හොඳ තත්ත්වයක සිටින බවද ඔහු එහිදී සඳහන් කළා.

Rate this item
(0 votes)

Related items