March 28, 2024

හෙටත් පැය 5ක විදුලි කප්පාදුවක්

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (22) ‘A’ සිට ‘L’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (21) පස්වරු පැවසුවා.

‘P’ සිට ‘W’ දක්වා කලාප අටකට හෙට පැය 3 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

‘A’ සිට ‘L’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

‘P’ සිට ‘W’ දක්වා කලාප 8ට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 40 ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරු කාලයේ පැයක් විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළා.

Rate this item
(5 votes)