April 18, 2024

සජිත්ගේ රැළියට ගිය කාන්තාවක් හදිසියේ මරුට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය කඹුරාවල ප්‍රදේශයේ දි ඊයේ (20) පැවැති සමගි ජන බලවේග රැළියක් සඳහා සහභාගී වීමට පෙළපාලියක ගමන් කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් මහමග ඇද වැටී මිය ගොස් ඇතැයි බදුරලිය ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වලල්ලාවිට යගිරල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්.

බදුරලිය බෝගහ හන්දියේ සිට රැළිය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට සංවිධානය කර තිබුණු පෙළපාලියක මෙම කාන්තාව ගමන් කරමින් සිටියදී කඹුරාවල පාසල ඉදිරිපිට මහමග ඇද වැටී තිබෙනවා.

පසුව 1990 සුවසැරිය ගිලන් රථයක් කැඳවා එම කාන්තාව බදුරලිය රෝහලට යැවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අතරවාරයේ එහිදී කාන්තාව මියගොස් ඇති බවද වාර්තා වෙනවා.

මෙම වයෝවෘද්ධ කාන්තාව යම් අසනීප තත්වයක් සදහා ප්‍රථිකාර ගනිමින් සිට ඇතැයිද ඒ සම්බන්ධ, වෛද්‍ය නිර්දේශ සහිත ලිපි ලේඛන ද ඇය සතුව තිබී ඇතැයි බදුරලිය ස්ථානාධිපතිවරයා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 March 2022 11:14