March 28, 2024

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

කඩවත ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙක් හදිසියේ ඇදවැටී රෝහල් ගත කරන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අද (20) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 73ක පුද්ගලයෙක්.

අදාල පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැඳී සිටින අතර තුර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඇදවැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව ඔහු රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් මියගොස් තිබෙනවා.

මේ අතර මහනුවර, වත්තේගම ප්‍රදේශයේ භූමිතෙල් පෝලිමක රැඳී සිටි පුද්ගලයෙක් ද ඇදවැටීමෙන් ඊයේ (19) දිනයේ දී ජීවිතක්ෂයට පත්වුණා.

සබැඳි පුවත් - භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙක් මියයයි (VIDEO)

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 March 2022 16:19