April 24, 2024

බැසිලුත් වැඩට බසී: ගාලු මුවදොර පිටිය අතට ගනී

මේ දිනවල විපක්ෂයේ ආණ්ඩු විරෝධී විරෝධතාවල ජනප්‍රියම ස්ථානය වී තිබෙන්නේ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටයි.

එම ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති ගාලු මුවදොර (GALLE FACE) පිටිය මේ වන විටත් රාජපක්ෂ පවුලේ කෙනෙකු වෙන්කොට ගෙන තිබෙනවා.

ගාලු මුවදොර

ඒ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතායි.

මැයි 1 දාට යෙදෙන ලෝක කම්කරු දිනය දිනයට සමගාමීව දැවැන්ත මැයි රැලියක් එහි සංවිධානය කිරීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සංවිධායකවරයාද වන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සූදානම් වනවා.

එම මැයි රැලියක් සමඟ පලාත් පාලන ඡන්ද සටනද ආරම්භ කිරීමට ඔහු සූදානම් වන බවටත් තොරතුරු වාර්තා වනවා.

සන්ධානගත පක්ෂ 11

ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 ද එළඹෙන 27 දින "මහින්ද සුළඟ" මෙන් නුගේගොඩින් "සුළඟක්" ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද එය මේ වන විට අත්හැර තිබෙනවා.

එම කණ්ඩායමේ සැලසුම වී තිබෙන්නේද මැයි 1 වනදා දැවැන්ත රැලියක් පැවැත්වීමටයි.

ඒ සඳහා පක්ෂ 11 කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එකතු වීමට නියමිතයි.

Rate this item
(4 votes)
Last modified on Sunday, 20 March 2022 07:38