April 18, 2024

තීරණාත්මක අවස්ථාවේ අගමැති නිව්ට්‍රල්: දිගු කාලීන මිතුරා කණගාටුව පල කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මුල් වරට පාර්ලිමේන්තුවට පැමිණියේ 1970 දී.

එසේම මේ දෙදෙනා එක්සත් ජාතික පක්ෂ විරෝධී වාමාංශික ව්‍යාපාරයේ අරගල වල එකට සටන් කළ දෙදෙනෙක්.

කිට්ටු මිතුදම

මේ නිසාම ඔවුන් දෙපළ අතර දශක 6 කටත් එහා ගිය ඉතා කිට්ටු හිතවත්කම තිබෙනවා.

වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්ව තිබෙන තත්ත්වය ගැන ඔහුගේ දිගු කාලීන මිතුරා වන නානායක්කාර මහතා සිය මතය ප්‍රකාශ කොට තිබෙනවා.

ඒ මෙසේයි.

දරා ගැනීමට අපහසුයි

"මගේ පපුව කඩා වැටෙනවා. ඒක මතක් වෙනකොට. ඇත්තටම මහින්ද මගේ හොඳ මිතුරා සහ සටන් සගයා. අපි එකට බොහෝ දේවල් වලට ගොහින් ඇවිත් තියෙනවා. අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. ඒවා ඔක්කොම කරලා මහින්ද මෙහෙම නිව්ට්‍රල් තත්ත්වයක ඉඳීම මට නම් හරිම අමාරුයි දරාගන්න."

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිහඬ පිළිවෙතක සිටීම පිළිබඳවද නානායක්කාර මහතා සිය මතය කියනවා.

"මම හිතන්නේ පවත්නා තත්ත්වයන් අනුව ඔහු එවැනි නිව්ට්‍රල් තත්ත්වයකට එන්න ඇති. කරන්න දෙයක් නැහැ කියලා පෙනුන නිසා. මම මේ ගෙස් කරනවා එහෙමයි කියලා.නමුත් මම දන් නෑ ඇත්ත කතාව."

ඇමතිකම රැකදීම

වාසුදේව නානායක්කාර ඇමතිවරයා අග්‍රාමාත්‍යවරයා වත්මන් පිළිවෙත සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබුණේ සති අන්ත ජාතික පුවත් පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් සමග වාසුදේව නානායක්කාර මහතාවද ඇමති ධූරයෙන් ඉවත් කිරීමට ජනපතිවරයා තීරණය කර තිබූ බවත් එම තීරණය වෙනස් කළේ අග්‍රාමාත්‍යවරයා බවටත් මත පළ වනවා.

ඔවුන් දෙදෙනා අතර තිබෙන දිගු කාලීන ඉතා කිට්ටු මිතුදම ඊට හේතුව ලෙසත් සඳහන් වනවා.

Rate this item
(4 votes)
Last modified on Saturday, 19 March 2022 20:53