April 25, 2024

ගෑස් බෙදීමත් අවුලක් වෙයි! ජනතාව අතර උණුසුම් තත්වයක්

ගෑස් ගන්න ආපු ජනතාව අතර උණුසුම් තත්වයක් හට ගෙන ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඒ ලිට්‍රෝ ගෑස් සමාගම විසින් හැටන් ප්‍රදේශයේ සිය අලෙවි නියෝජිතයන්ට ඊයේ (19) දින අලුයම නිකුත් කරන ලද සිමිත ගෑස් ප්‍රමාණය ටොකන් ක්‍රමයට බෙදා හැරිම හේතුවෙන්.

එහිදී අලෙවි නියෝජිතයන් සහ ගෑස් ලබා ගැනිමට පැමිණි පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ගෑස් ලබා ගැනිම සදහා පාරිභෝගිකයන් ඊයේ අලුයම සිට ගෑස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට රැදි සිටියද ඇතැම් පාරිභෝගිකයන්ට ගැස් නොලැබිම හේතුවෙන් උණුසුම් තත්ත්වය ඇති වූ බව අප වාර්තාකරු පැවසුවා.

පාරිභෝගිකයන් චෝදනා කර සිටින්නේ ගැස් අලෙවි නියෝජිතයන්ට හිතවත් අයට පමණක් සමාගම විසින් නිකුත් කරන ලද ගැස් බෙදා හරින බවයි.

 

Rate this item
(0 votes)