April 20, 2024

වාහන වලට නැත! ෂෙඩ් වල අමුතු ඉන්ධන බෙදිල්ලක්: තවත් ජාවාරමක් හෙළිවෙයි Featured

ඇතැම් ඉන්ධන හල් වල අමුතු ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

දඹුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල් රැසක වාහන වලට සහ කෑන් වලට ඉන්ධන ලබා දීම සීමාකොට බැරල් වලට ඉන්ධන ලබා දීම සිදු වෙන බවට ජනතාව චෝදනා කරනවා.

ඊයේ (18) වන දින රාත්‍රී දඹුල්ල නගරයේ බොහෝ දෙනා ඉන්ධන නොමැති ව දැඩි අසීරුතාවයකට පත්ව සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

යතුරු පැදි තල්ලු කරගෙන පැමිණියද වාහන වලට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අවම කොට ඉන්ධන පිරවුම්හල් වලින් බැරල් වලට ඉන්ධන ලබා දීම දිගටම සිදු කිරීම් නිසා මේ තත්ත්වය උදාව වී තිබෙනවා.

ජනතාව පවසන්නේ දිගු පෝලිම්වල රැඳී සිට අවසානයේ ඉන්ධන පොම්පය අසලට කිට්ටු වෙද්දි ඉන්ධන අවසන් වන බවයි.

එම වාහන වලට ලබාදෙන ඉන්ධන පොම්ප අවසන් වුවද බැරල් වලට ඉන්ධන ලබා දීම දිගටම සිදුකරන බවට ඔවුන් චෝදනා කළා.

ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුවන් සඳහන් කළේ වෙනත් දිනවල එක දවසකට ඉන්ධන බවුසර් එකක් හෝ දෙකක් තම ඉන්ධන පිරවුම්හලේ අලෙවි වන බව යි.

එහෙත් මේ දිනවල ප්‍රමාණයටත් වඩා ඉන්ධන පිරවුම්හලට ලැබී තිබුණ ද එම ඉන්ධන ද කඩිනමින් අවසන් වන්නේ ජනතාව තොග රැස් කිරීම නිසාවෙන් බව ඔවුන් ප්‍රකාශ කළා.

ඉන්ධන පිරවුම්හලේ බැරල් වලට ඉන්ධන ලබා ගන්නා පිරිස් කියා සිටියේ යන්ත්‍ර සූත්‍රවලට මෙම ඉන්ධන ගෙන යන බවයි.

යන්ත්‍රසූත්‍ර මාර්ග වල සහ මෙම ස්ථානවලට රැගෙන ඒමට නොහැකි නිසා බැරල් වල්ට රැගෙන යන බවද ඔවුන් පෙන්වා දුන්නා. 

කෙසේ වෙතත් බොහෝ දෙනා සඳහන් කළේ ග්‍රාමීය ප්‍රදේශවලට රැගෙන ගොස් සහ මාර්ගයට රැගෙන ගොස් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක වන බව යි.

 

Rate this item
(0 votes)