March 28, 2024

ධාවනය වූ මගී බස් රථයක් ගිනි ගනී - මගීන් අනු නවයෙන් බේරෙයි (PHOTOS)

දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් බුලාගල ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් එක වරම ගිනි ගැනීම හේතුවෙන් මගී ජීවිත රැසක් අනුනාවයෙන් බේරීමේ පුවතක් වාර්තා වෙනවා.

මෙසේ ගිනි ගෙන ඇත්තේ අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථයක්.

අනුරාධපුරයේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ මගීන් දෙදෙනෙකු බැස්සවීම සඳහා දඹුල්ල බුලාගලදී වේගය අඩු කරනවාත් සමග එක වරම බස්ර රථයේ ගින්නක් හටගෙන ඇති බව පොලීසිය පවසනවා.

පසුව විනාඩි කිහිපයකින් බස් රථයේ එන්ජින් එක ප්‍රදේශයෙන් ගින්න වැඩිවීමත් සමඟ බස් රථයේ සිටි මගීහු කෑකෝ ගසමින් එළියට පනිනවාත් සමඟ  ප්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් දරා නිවෙස් වල ඇති බට රැගෙනවිත් ජලය  යොදමින් බස් රථයේ ගින්න පාලනය කර තිබෙනවා.

ගින්න ඇති වූ ස්ථානයේ නිවසක සිටි විදුහල්පතිවරයෙකු වහාම දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට ඇමතුමක් ලබාදී එම පිරිස් කඩිනමින් පැමිණ බස් රථයේ ද සිදු වන්නට ගිය විශාල විනාශය වලකා ගෙන තිබීම විශේෂත්වයක්.

මෙම බස් රථය ගින්නට අසු වූ ආකාරය සොයා ගෙන නොමැති අතර ඇතැම්විට බස්රථයේ කාර්මික දෝෂයකින් මෙම ගින්න හටගන්නට ඇතැයි දඹුල්ල බස් ඩිපෝවේ කාර්මික අංශයේ නිලධාරීන් පවසනවා.

Rate this item
(0 votes)