March 28, 2024

වසර අග ඩොලර් එනවා: තෙල් මිල අඩු කරනවා - එතකන් ඉවසන්න: ඇමතිගෙන් සහතිකයක්

මහජනයා ආණ්ඩුව ලබාදී තිබෙන්නේ අවුරුදු 2 කට ලොව 5 කට බව එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා මතක් කර දෙනවා.

ආණ්ඩුව ජනයාට පොරොන්දු වූයේ රට අවුරුදු 2 න් ගොඩ ගන්නා බවට නොව අවුරුදු 5 න් ගොඩ ගන්නා බවට බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

අර්බුදයට විසඳුම

ඔහු ඒ බව මතක් කර දෙන්නේ රට මුහුණ දී ඇති ඩොලර් අර්බූදයට විසඳුමක් ලෙස ජනපතිවරයා ඩොලර් අච්චු ගසන්නදැයි ප්‍රශ්න කරමින්.

ඒ සමගම වසර අගදී රටට සුභදායී කාලයක් උදා වන බවටත් අනාවැකියක් අමාත්‍යවරයා පළ කරනවා.

මේ වසර අග වන විට රටට ඩොලර් ටිකක් එන බව පෙන්වා දෙන ඔහු ඒ ඩොලර් ටික ආපු විගස සහන දෙන අංශ පිළිබදවත් පැහැදිලි කිරීමක් කරනවා.

ලබා දෙන සහන

ඒ තෙල් මිල අඩු කරන බවත් ලයිට් කපන්නේ නැති බවත් ගෑස් පෝලිම් නැති කරන බවත් සඳහන් කරමින්.

මේ ටික මේ වසර අග සිදුවන බවට සහතිකයක් දෙන ඇමතිවරයා එතකන් ඉවසීමෙන් සිටීමට සිදුවන බවයි ජනතාව වෙත දැනුම් දෙන්නේ.

චන්ද්‍රසේන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය අමතමින්.

Rate this item
(3 votes)
Last modified on Friday, 18 March 2022 08:18