April 24, 2024

තෙල්, ගෑස් හිගයට විරෝධය පා යාපනයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සභාවට පාපැදිවලින් එයි

පවතින ඉන්ධන හිගය සහ ගෑස් හිගය හේතුවෙන් උතුරේ ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්වීම සම්බන්ධයෙන් විරෝධය පා යාපනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පාපැදිවලින් මාසික සභාවාරයට පැමිණියා.

යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරුන් විසින් මෙලෙස මාසික සභාවාරයට පැමිණීමට පෙර ඊයේ (16) දින විරෝධතාවයක නිරත වූවා.

විරෝධතාවයේ නිරත වූ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් පවසා සිටියේ,

මේ වන විට තමන් ඇතුලු සාමාන්‍ය ජනතාව ඉන්ධන සහ ගෑස් හිගයෙන් පීඩා විඳින අතරම ජනතාවට දැරිය නොහැකි අයුරින් ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් දැඩි ලෙසින් පීඩාවන්ට පත්ව ඇති හෙයින් කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසටද ඉල්ලා සිටියා.

පාපැදිවලින් විරෝධතාවයේ පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් සභාව තුලදීද විරෝධතාවයක නිරත වීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතුවලටද බාධා සිදු වුණා.

Rate this item
(0 votes)