March 28, 2024

හෝර්ටන් තැන්න රක්ෂිතයේ ගසක එල්ලී මියගිය අයෙකුගේ සිරුරක් හමුවෙයි

හෝර්ටන් තැන්න රක්ෂිතයේ ගසක එල්ලි මියගිය අයෙකුගේ සිරුරක් පට්ටිපොල පොලිසිය විසින් ඊයේ (16) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

ගසක නිර්වස්ත්‍රව එල්ලි සිටි මේ පුද්ගලයාගේ සිරුර, පට්ටිපොල රක්ෂිතයේ දර කැඩීමට ගිය අයෙකු විසින් දැක, පට්ටිපොල පොලිසිය වෙත කළ දැනුම් දී තිබුණා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

අදාළ පුද්ගලයා මිය යාමට පෙර මත්පැන් පානය කර ඇති බවත්, ඔහු විසින් පැළඳ තිබූ සියළුම ඇඳුම් එම ස්ථානයේම පුළුස්සා විනාශ කර ඇති බවත්, එසේ ගිනි තබා විනාශ කළ ඇඳුම් අතර බඳ පටියේ තහඩු කොටසේ යුධ හමුදා ලාංජනයක්ද තිබූ බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පට්ටිපොල පොලිසිය කියා සිටියේ.

අඩි 10 පමණ උස ඇති ගසක වයරයක් උපයෝගී කරගෙන එල්ලි සියදිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවත්, මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

Rate this item
(0 votes)